පුනරින් සිට වවුනියාව දක්වා ටිපර් රථයකින් ප්රවාහනනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ 323ක් සමඟ සැකකරුවෙකු කිළිනොච්චිය ජයපුරම් ප්රදේශයේ දී අද (29) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුධ හමුදා බුද්ධි අංශ නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකල වැටලීමකදීයි මෙම කේරළ ගංජා තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.
සැකකරු වවුනියාව මරදන්කුම් පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු අද (29) කිළිනොච්චිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
නාච්චිකුඩා පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.



