ශ්‍රී ලංකාවෙන් පළමු වරට කක්ෂ ගත කළ චන්ද්‍රිකාව ලෙසට රාවණ 1 චන්ද්‍රිකාව ඉතිහාස ගත වී තිබෙනවා.
මීට මාස කිහිපයකට පෙර කක්ෂ ගත කළ රාවණ 1 චන්ද්‍රිකාව විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිහිටි පෝක් සමුද්‍ර සන්ධිය ඡායාරූප ගත කර ගැනීමට සමත්ව ඇති බව වාර්තාවනවා.
පුරාන ආදම්ගේ පලම එසේ නොමැතිනම් රාමාගේ පාළම ලෙසට හැඳින්වෙන මෙය ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළ සහ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ අතර පිහිටා තිබෙනවා.
සමහර පිරිස් පවසන අන්දමට මෙය ස්වභාවික පාළමක් වන අතර රාමායනයේ සඳහන් වන්නේ රාමාගේ වරනා හමුදාව විසින් ශ්‍රී ලංකාවට ලඟාවීම සඳහා මෙම පාළම ඉදි කළ බවයි.