ෂැංග්රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 6දෙනා යළි රිමාන්ඩ්
Friday, 28 February 2020 - 13:44 | Views - 537
කොළඹ ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ කෝටිපති ව්යාපාරික මොහොමඩ් ඊබ්රහිම් ඉල්හාම් අහමඩ්ගේ පියා ඇතුළු හය දෙනා ලබන මස 13 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් කොළඹ වැඩබලන නිළ නොලත් මහේස්ත්රාත් නීතිඥ සංජීව ඇන්තනි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
දෙමටගොඩ ප්රදේශයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්රස්වාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්රශ්න කළ අතර, මුල්වරට අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ජනවාරි මස 22 වැනිදායි.
Share This Article