කොරෝනා වෛරසයෙන් ලොව පුරා කොටස් වෙළදපොළ වාර්තාගත පහත වැටීමක්
Friday, 28 February 2020 - 9:39 | Views - 478
කොරෝනා වෛරසය පැතිරීමේ ආර්ථික බලපෑම පිළිබදව ආයෝජකයන්ගේ අවධානය යොමු වීමත් සමඟ ලොව පුරා කොටස් වෙළඳපොළ කැපී පෙනෙන පහත වැටීමක් වාර්තා වනවා.

ඇමරිකානු ඩව් - ජෝන්ස් කාර්මික කොටස් දර්ශකය ඊයේ දිනයේදී ඒකක 1191කින් එනම්, සියයට 4.42කින් පහත වැටුණු අතර, එය ඉතිහාසයේ විශාලතම පහත වැටීම ලෙසයි වාර්තා වන්නේ.

ඇපල්, බෝයිං, මයික්‍රොසොෆ්ට් ඇතුළු සියළුම විශාල සමාගම්වල කොටස් පහත වැටෙද්දී, කොරෝනා වෛරසය හා සටන් වැදීමට භාවිත කරන මුහුණු ආවරණ නිෂ්පාදනය කරන ත්‍රීඑම් සමාගමේ කොටස් පමණක් ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රධාන පෙළේ ඇමරිකානු සමාගම් 500 නියෝජනය කරන එස් ඇන්ඞ් පී 500 දර්ශකය ද ඊයේ දිනයේදී වාර්තා කළේ 2011 වසරේ අගෝස්තු මාසයෙන් පසු විශාලතම පහත වැටීමයි.

ඇමරිකානු කොටස් මෙන්ම, බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් සහ ප්‍රංශයේ පැරිස් කොටස් වෙළදපොළ දර්ශක ද ඊයේ දිනයේදී සියයට 3කට වැඩි ප්‍රමාණයකින් පහත වැටුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top