බසයේ හැපී සිසුවියක් මරුට
Friday, 28 February 2020 - 8:13 | Views - 559
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය අලියකන්ද ප්‍රදේශයේදී විදේශීය සංචාරකයින් ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක හැපීමෙන් ඊයේ (27) පාසල් සිසුවියක් මියගොස් ඇතයි තණමල්විල පොලීසිය පැවසීය.
 
කිතුල්කොටේ විද්‍යාලයේ හතර වසර ඉගෙනුම ලබන ඌව කුඩාඔය පතානයාය අංක තිස්හතර ලිපිනයේ පදිංචි එස්.ඒ.රංජනා නෙත්මි නැමති නව හැවිරිදි දැරියක් මෙම අනතුරින් මියගොස් තිබේ.
 
මෙම දැරිය පාසල නිමවී නිවසට පැමිණෙමින් සිටියදී ඇල්ල නගරයේ සිට තිස්සමහරාම දක්වා සංචාරකයින් ප්‍රවාහනය කළ බස් රථයක හැපීමෙන් මෙම දැරිය මියගොස් තිබේ.
 
මෙම අනතුරින් කුපිත වූ ප්‍රදේශවාසීන් විසින් මෙම බස් රථයට පහරදී දැඩි අලාභහානි සිදු කර ඇතයි පොලීසිය කියයි.
 
මෙම අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.එම්.කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු විසින් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top