අන්තර්ජාල යෙදවුම් භාවිත කරන කුලී රථ රියදුරන්ට පහරදීමක්
Friday, 28 February 2020 - 8:07 | Views - 513
ප්‍රධාන පෙලේ සමාගම් හරහා ක්‍රියාත්මක මොබයිල් ඇප් හෙවත් අන්තර්ජාල ජංගම යෙදවුම් භාවිත කරමින් දෙස් විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කරන කුලී රථ රියදුරන්ට සිදුකරන පහරදීම් සම්බන්ධයෙන් අප අවස්ථා කිහිපයකදී තොරතුරු අනාවරණය කළා.
තවත් එවැනි පහරදීමක් සම්බන්ධයෙන් ඊයේ වාර්තා වුණේ කළුතර - නාගස් හන්දිය ප්‍රදේශයෙන්.
විදෙස් සංචාරකයින් පිරිසක් රැගෙන හික්කඩුව බලා ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථ රියදුරෙකුට මෙලෙස පහරදී ඇති අතර, ඉන් තුවාල ලැබූ ඔහු කළුතර - නාගොඩ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබනවා.
රෝහලේ සිට හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් ඔහු සඳහන් කළේ තමන් සමඟ ගමන් කළ විදෙස් සංචාරකයින් බිය ගන්වා මෙම පහරදීම සිදුකළ බවයි.
පසුගියදා හබරණ ප්‍රදේශයේදීද මෙලෙසම සංචාරකයින් ප්‍රවාහනය කරමින් සිටි කුලී රථ රියදුරෙකුට පහරදීමක් සිදුවූ අතර, සංචාරකයින් විශාල වශයෙන් ගැවසෙන ප්‍රදේශවලදී සාම්ප්‍රදායික ත්‍රීරෝද රථකරුවන් සහ ඇතැම් තැරැව්කරුවන් මෙලෙස පහරදෙන බවයි අන්තර්ජාල යෙදවුම් භාවිත කරන කුලී රථ රියදුරන් පවසන්නේ.
Share This Article