මිනිස් ජාවාරම්වලට සම්බන්ධ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Thursday, 27 February 2020 - 16:13 | Views - 2,773
මිනිස් ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු සහ තවත් අයෙකු කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පලස්තීන ජාතිකයන් ශ්‍රී ලංකාවට රැගෙන විත් පෝලන්තය හරහා ජර්මනිය වෙත රැගෙන යාමේ මිනිස් ජාවාරමක් අනාවරණ කර ගැනීමෙන් අනතුරුවයි සැකකරුවන් අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පුද්ගලයන් දෙදෙනා අද උදෑසන 10ට පමණ බහරේන් සිට පැමිණි ගුවන්යානයකින් කටුනායකට පැමිණ තිබුනා.

එලෙස පැමිණි 31 හැවිරිදි පුද්ගලයෙකුගේ සැක කටයුතු හැසිරීම නිරීක්ෂණය කළ ආගමන විගමන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා සතුව තිබී ඇත්තේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් බවයි.

පසුව සැකකරු තම ඇඳුම්වල සගවාගෙන තිබු පලස්තීන ජාතික ගුවන් ගමන් බලපත්‍රය නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

එහිදී වැඩිදුරටත් කළ ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිවී ඇත්තේ තමන් මාර්තු මස 2 වනදා ශ්‍රී ලංකාවේ සිට පෝලන්තය හරහා ජර්මනිය වෙත පළායාමට පැමිණි බවයි.

මෙම ජාවාරමේ ප්‍රධානියා ද තමන් සමග මෙම ගුවන්යානයෙන්ම පැමිණි බවයි සැකකරු හෙළිකර ඇත්තේ.

පසුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් ඒවන විටත් ගුවන්තොටුපල පරිශ්‍රයේ සිටි ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු 54 හැවිරිදි පලස්තීන ජාතිකයෙක්.

මෙම පුද්ගලයා ආගමන විගමන නිලධාරීන්ට ඇමරිකානු ඩොලර් 5000ක් ලබාදී නිදහස් කරන ලෙසට ඉල්ලීම් කර ඇතැයි ද අප වාර්තාකරු සඳහන් කළා.

සැකකරු මේ ආකාරයෙන් මීට පෙර ද පලස්තීන ජාතිකයන් ජර්මනිය වෙත රැගෙන යන්නට ඇති බවටයි ආගමන විගමන නිලධාරීන් සැක පළ කරන්නේ.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශණ සඳහා ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාරදී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top