සූරියවැවදී ක්‍රීඩාලෝලීන්ට පහරදීම ගැන පරීක්ෂණයක්
Thursday, 27 February 2020 - 16:07 | Views - 401

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර සූරියවැව ක්‍රීඩාංගනයේ ඊයේ පැවති තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ප්‍රවේශපත්‍ර කවුළුව අසලදී සිදුවූ ප්‍රහාරය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධිය කිසිසේත් අනුමත නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසට මෙම සිදුවීම දැඩිව හෙළා දකින බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදු කර කරුණු සොයා බලා වහාම තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසටයි ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ඩලස් අලහප්පෙරුම මහතා නියෝග කර ඇත්තේ.
මෙම සිද්ධිය පිළිබඳ සැලසූ වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තමා වෙත පෞද්ගලිකවම කතා කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ඊයේ සිදුවූ මෙම සිදුවීම පිළිබඳ සොයා බලා සිදු කෙරෙන පරීක්ෂණ වාර්තාව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බවයි ඩලස් අලහප්පෙරුම මහතා කියාසිටියේ.
මෙම කණගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බව ද ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළා.
Share This Article