නිවසින් පිටව ගිය තිදරු පියෙකුගේ සිරුර මස්කෙලිය ඔයේ තිබී හමුවෙයි
Thursday, 27 February 2020 - 14:12 | Views - 570
නිවසින් පිටව ගිය තිදරු පියෙකුගේ සිරුර මස්කෙලිය ඔයේ තිබි අද (27) දින සොයාගත් බව මස්කෙලිය පොලීසිය පැවසීය.
මෙසේ සොයගනු ලැබුවේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි වේලායුදම් සුරියකුමාර් නමැති 41 හැවිරිදි තිදරු පියෙකුගේ සිරුරයි.
මරණයට පත්වූ තැනැත්තා අද (27) දින උදෑසන 7 ට පමණ නිවසින් පිටව ගොස් ඇති අතර , නිවසින් පිටව ගිය පුද්ගලයා ආපසු නොපැමිණි බව මරණකරුගේ ඥාතින් වෙත දැන්විමෙන් පසු ඥාතින් විසින් අතුරුදහන්ව සිටි තිදරු පියා සොයා සිදු කල සොදිසි මෙහෙයුමකදි සිරුර මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙලිය ඔයේ පාවෙමින් තිබියදි දැක ඒ පිලිබදව මස්කෙලිය පොලිසිය වෙත දැනුම් දි ඇත.
ජීවිතක්ෂයට පත් අයගේ පාවහන් යුවල සහ සරමක් මස්කෙලිය ඔය අසල තිබෙන බවත්, මෙම සිද්ධිය සියදිවි හානි කර ගැනිමක්ද නැතහොත් දිය නැමට ගොස් දියේ ගිලි සිදු වු මරණයක්ද යන්න පිලිබදව මස්කෙලිය පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.
Share This Article