මව සමග සුරතල් වෙමින් සිටි සයමස් දැරිය මේසයෙන් ඇඳ වැටී මරුට
Thursday, 27 February 2020 - 12:56 | Views - 2,262
නිවසේ තිබූ මේසයෙන් බිමට ඇද වැටීමෙන් සයමස් හැවිරිදි බිළිදියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසනවා.
නවගත්තේගම මහබැද්දෑව ප්‍රදේශයේ නිවසක මෙම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
සය මස් හැවිරිදි දැරිය සිය මව විසින් නිවසේ තිබූ මේසයක් මත තබා හුරතල් කරමින් සිට ඇති බවත්, පසුව මව මුළුතැන් ගෙට ගොස් නැවත එන විට දැරිය මේසයෙන් බිමට පතිත වී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පවසනවා.
පසුව මේ පිළිබද නවගත්තේගම පොලිසියට කළ දැණුම් දීමකින් අනතුරු පොලිස් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කර ඇති අතර, පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා මෘත දේහය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත භාරදීමට තීරණය කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Share This Article