ලෝකේ වටේ ඉන්න කළු ජාතිකයින් නිවාඩුවකටවත් යන්න හිතන්නේ නැති 'අදුරු මහද්වීපය' ට සුපිරි ගායක Akon කළ දේ
Thursday, 27 February 2020 - 11:19 | Views - 942
“බොහෝ දෙයින් අඩුපාඩු ඇති අප්‍රිකාවේ අඩුවක් නොමැතිව තිබෙන දේ කුමක්ද හිරු එළියයි. එසේ නම් ඇයි අපි මේ දිනපතා අප වෙත එවන බලශක්තියෙන්  පල නොගන්නේ?”

 මෙසේ විමසන්නේ අප්‍රිකානු සම්භවයක් ඇති හොලිවුඩ්හි ජනප්‍රිය ගායකයෙක්, ගීත රචකයෙක්, ව්‍යවසායකයෙක්, දානපතියෙක් සහ නළුවෙක් සේම සමාජ ක්‍රියාකාරිකයකුද වන Aliaume Damala Badara Akon Thim ය. ඔහු කවුරුත් හදුන්වන්නේ Akon නමිනි.

නොදියුණු බව නිසාම  “අදුරු මහද්වීපය” ලෙස හඳුන්වන අප්‍රිකාව,  ලෝකයේ දෙවන විශාලතම මහාද්වීපයයි. එහි ඇති රටවල් 54 තුළ ව්‍යාහාර වන භාෂා ගණන 2000කි.  එම අඳුරු මහාද්වීපය ආලෝකවත් මහාද්වීපයක් කිරීමට සිහින දුටු තරුණයෙකි.  ඔහු අප්‍රිකාවේ සෙනිගල්වල ඉපදෙන්නේ 1973 අප්‍රියෙල් 16 වැනි දිනදීය. සත් වැනි වියේදී මවුපියන් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන ඔහු හැදී වැඩී අධ්‍යාපනය ලබන්නේ ඇමෙරිකාවේය. එහි නිර්මාණශීලී  සංගීතඥයකු ලෙස ඉමහත් කීර්තියක් දිනාගන්නා ඒකොන් ව්‍යාපාරිකයකු ලෙසද ධනවතකු බවට පත්වේ. එහෙත් තමා කුඩා කල දිවි ගෙවූ විදුලි  ආලෝකයෙන් තොර අඳුරු යුගය තවමත් අප්‍රිකාව පුරා මිලියන ගණනක් ජනතාවගේ උරුමයක් වී ඇති බව ඔහුට අමතක නොවේ. ජනතාවට විදුලි ආලෝකය ලබා දුනහොත් ලැබෙන ප්‍රතිලාභ සීමාන්තික බව වටහා ගන්නා ඔහු 2014දී  “Akon Lighting Africa” නමින් ව්‍යාපෘතියක් පෞද්ගලික ධනයෙන් අරඹන්නේ විදුලි එළිය නොමැති මිලියන හයලක්ෂයක ජනතාවට විදුලි ආලෝකය ලබා දීමේ අරමුණ ඇතිවය. ඔහුට සහායට එක් වන්නේ සූර්ය බලශක්තිය ගබඩා කරන soler panel නිෂ්පාදකයකු වන සම්බා බතිලි සහ ව්‍යාපාරිකයකු වන තියෝන් නියාන්ග්ය. මිනිසුන්ට උදවු කිරීමට ඇති හොඳම විසදුම වන්නේ අවස්ථාවන් නිර්මාණය කිරීම සහ ඔවුන්ට සෘජුවම අවස්ථාව ලබා දීම බව වටහා ගන්නා එකෝන්, ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා වසරක් ඇතුළත  රටවල් 14ක මිලියනයක් නිවාසද රට පුරාම මහාමාර්ග පද්ධතිද නගර දහස් ගණනක්ද සූර්ය බලශක්තිය මඟින් ආලෝකවත් කිරීමට හැකියාව ලැබිණි. ලොව පුරා පුවත්පත් ඔහුගේ උත්සාහය අගය කළේ මෙසේය.

 “මෙම ව්‍යාපෘතිය අප්‍රිකාවේ නව ප්‍රවේශයකි. මහාද්වීපයේ මුහුණුවර වෙනස් කරමින් ඉදිරි පරම්පරාවට ආස්වාදයක් ලබා දෙන තරුණ අප්‍රිකානුවන් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.  රැකියා උත්පාදනය පමණක් නොව ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ හැකි විශාල විසදුමක් ලෙස අන් සියලු සමාජ සුබසාධන ව්‍යාපෘති අභිභවා සාර්ථකව ඉදිරියට යමින් තිබේ. 2014දී දියත් කළ දින සිට රටවල් 15ක සූර්ය වීදි ලාම්පු 100,000ක් සවි කර ඇත. කාන්තාවන්ට පවා දැන් තමන්ගේ වීදි වෙළෙඳාම්  රාත්‍රි කාලයේදී වුවත් බියෙන් තොරව කරගෙන යන්න ඉඩ ලැබී ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි නිවාස, ආගමික ස්ථාන, පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවක් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රථමවතාවට විදුලියට නිරාවරණය වී ඇත. සූර්ය බලශක්තිය සහ අවශ්‍ය උපකරණ නිසි ලෙස නඩත්තු කරන්නේ කෙසේද යන්න ඉගැන්වීම සඳහා පිහිටුවා ඇති සූර්ය ඇකඩමිය හරහා . මෙම ග්‍රාමීය ප්‍රජාවන්හි දේශීය තරුණ තරුණියන්ට රැකියා අවස්ථාද නිර්මාණය වී තිබේ.”

මේ සෙනිගල්හි අෑත පිටිසර විදුලි ආලෝකය ලැබුණු ගම්මානයක ගැමියන්ගේ අදහස්ය.

 “අදුර කියන්නේ අනතුරයි.  ජනතාව දැන් ආරක්ෂිතයි.  අපේ එකමුතුකම වැඩි වුණා. මාර්ග හදිසි අනතුරු, අපරාධ අඩු වුණා. ආගමික ස්ථාන රෝහල් තවදුරටත් අ¾දුරේ නැහැ.  ලොකුම දේ  නම් දැන් අපේ ළමයින්ට රෑට පාඩම් කළ හැකි වීම. රේඩියෝ, රූපවාහිනිවලින් පමණක් නොව කම්පියුටර් ලෝකයටත්  කවුළුවක් විවර කර දුන්නා. භූමිතෙල් වගේ නොවෙයි ගෙවල් ගිනි ගැනීම් අඩුවුණා. ආරක්ෂිතයි. මිලෙන් අඩුයි. මේ ව්‍යාපෘතියෙන් නිකරුණේ බෝක්කු මතට වී කාලය නාස්ති කළ තරුණයන්ට රැකියාවන් කොපමණ ලැබුණාද පරිසරයට පමණක් නොවේ එළිය වැටුණේ, අපේ ජීවිතත් එයින් ආලෝකවත් වුණා.”

රූපවාහිනි සාකච්ඡාවකදී මෙසේ විමසූ අල් ජසීරා මාධේ‍යව්දිනියට එකොන් පැවැසූ අදහස්ය මේ.

 “ඇමෙරිකා එක්සත් ජනපදය අප්‍රිකානු අමෙරිකානුවන්ට වෙනස්කම් කරන බව ඔබ පිළිගන්නවාද?”

 “මම අප්‍රිකාවත් ඇමෙරිකාවත් දෙකම අත්විඳ තිබෙනවා. පැහැදිලිවම ඇමෙරිකාව ගොඩනඟා තිබෙන්නේ සුදු මිනිසුන් වෙනුවෙන්. තවමත් එම ඉතා පැරණි නීති රීති වෙනස් නොවී තිබෙනවා.  අප අයිති අප්‍රිකාවට. මා කවුරුන්දැයි කිසිවකු ඇසුවොත් මා කියන්නෙ මම ඇමෙරිකාවේ හැදී වැඩුණු අප්‍රිකානුවෙක්. පරම්පරා ගණනාවක් ගියත් අපේ අධ්‍යාත්මය වෙනස් වන්නේ නැහැ. ලෝකය පුරා විසිරී සිටින සියලුම අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයන්  නිවාඩුවකටවත් අප්‍රිකාවට යෑමට සිතන්නේ නැහැ. ඇයි ඒ. එය නොදියුණු  නිසාද. අප්‍රිකාව ගොඩනැඟීමට දායක වීම. තමන්ගේ යුතුකමක් බව ඔවුන් සිතන්නේ නැහැ. මගේ සිහිනය තිබෙන්නේ එක ජනාධිපතිවරයකු යටතේ “අප්‍රිකා එක්සත් ජනපදයක්” ලෙස ගොඩනැඟුණ සියලු දෙනාටම සම අයිතිවාසිකම් තිබෙන දියුණු අප්‍රිකා මහාද්වීපයක් දැකීමයි. එය සිහිනයක් විය හැකියි. ඒ අපූරු සිහිනයට මම ආදරෙයි.”

වෛද්‍ය ලංකා සිරිවර්ධන
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top