හෙට්ටිපොල නිවසකින් වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Thursday, 27 February 2020 - 10:00 | Views - 1,207
හෙට්ටිපොල - පැපලේගම - හල්මිල්ලවැව ප්‍රදේශයේ නිවසක තිබී වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ රාත්‍රි 11.20 ට පමණ මියගිය පුද්ගලයා රැඳී සිටි කාමරය තුළින් වෙඩි ශබ්දයක් ඇසීම නිසා ඔහුගේ බිරිඳ සහ දරුවන් ඒ සම්බන්ධයෙන් සොයා බලා ඇති බවයි.
පසුව මෙම පුද්ගලයා නිදා සිටි ඇඳ මත තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
Share This Article