මැතිසබේ විසුරුවොත් දින 52-66 අතර ඡන්දයක් - ඡන්ද දිනය තීරණය කිරීමේ බලය ජනපති අතේ
Thursday, 27 February 2020 - 7:45 | Views - 405

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් දින 52 ත් 66 අතර කාලය තුළ මැතිවරණය පැවැත්විය යුතු බැවින් අප්‍රේල් 22 වෙනිදායින් පසු මැයි 04 වෙනිදා හෝ එදිනට පෙර මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. මැතිවරණ කොමිසන් සභා පරීශ්‍රයේ ඊයේ (26) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා ඒ බව සඳහන් කළේය.

නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත්කර නැතත් තව සතියකින් පාර්ලිමේන්තුව විසුරුවා හරීවියැයි විශ්වස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බවද සභාපති මහින්ද දේශප්‍රිය මහතා එහිදී සදහන් කළේය.

වෙසක් පොහෝය මෙවර ඇත්තේ මැයි 07 වෙනිදා බැවින් මැයි 05 වෙනිදා වන විටවත් මැතිවරණ කටයුතු සදහා යොදා ගන්නා විහාරස්ථාන නිදහස් කළ යුතුව ඇති බැවින් මැයි 04 වෙනිදා හෝ ඊට පෙර මැතිවරණය පැවැත්විය යුතු බව සදහන් කරන බවද ඔහු කීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ ව්‍යවස්ථාවෙන් බලය හිමිව ඇත්තේ ජනාධිපතිවරයාට බවද මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය. වෙනත් ඡන්ද විමසීම්වලදී මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසමට පැවතියත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීමේ පූර්ණ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බවද ඔහු සදහන් කළේය.

එම දිනය තීරණය කිරීම වෙනත් කාලයන්වලදී මෙන් පහසු කටයුත්තක් නොවන බවද මහින්ද දේශප්‍රිය මහතා කීය. අප්‍රේල් මාසයේ දීර්ඝ නිවාඩු සහ අලුත් අවුරුදු නිවාඩු ඇති බැවින් රාජ්‍ය නිලධාරීන් එම නිවාඩු ලබා ගන්නා බවද ඔහු පැවැසීය. එහෙත් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට නම් නිවාඩු දිනවලත් වැඩ කිරීමට සිදුවනු ඇති බවද ඔහු සදහන් කළේය.

පවතින අපහසුතා ගැන මැතිවරණ කොමිසමත් දේශපාලනඥයන් සහ ආගමික නායකයින් මේ වන විටත් ජනාධිපතිවරයාව දැනුවත්කර ඇතැයිද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සුදුසු දින කිහිපයක්ම ජනාධිපතිවරයාට යෝජනාකර ඇති බවත් එම අප්‍රේල් මාසයේ 25, 27, 28 සහ 29 යන දිනත් මැයි 04 වෙනිදාත් එම දින අතර ඇතැයිද ඔහු කීය. මේ දිනයන්වලින් එක් දිනයක් ලැබෙන්නේ නම් මැතිවරණය පැවැත්වීමට පහසුවන බවද මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top