විසඳුම් නොදුන්නොත් වැඩ වර්ජනය දින 4කට යනවා - ගුරුවරු දැඩි තීරණයක
Thursday, 27 February 2020 - 7:38 | Views - 665

ගුරු සහ විදුහල්පති අතුරු වැටුප් චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළුව වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් නොදුනහොත් මාර්තු 16 සිට 20දා දක්වා අඛණ්ඩව වැඩ වර්ජනයකට යෑමට ගුරු - විදුහල්පති සංගම් ඒකාබද්ධව තීරණය කළ බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවැසුවේය. 

එමෙන්ම අද (27දා) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරුවරුන්ට පවරා ඇති කොළ පිරවීම් ඇතුළු අමතර රාජකාරිවලින් ඉවත් වන බවත්, උදෑසන 7.30 සහ සවස 1.30 අතර කාලය තුළ පමණක් තම රාජකාරි සිදුකරන බවත් ඔහු පැවැසුවේය.

ඊයේ (26දා) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවෙන් අනතුරුව ගුරු සහ විදුහල්පති සංගම්වල නියෝජිතයන් රැස්ව මේ තීරණය ගත් බවද ඔහු ‘මව්බිම’ට පැවැසුවේය.

මේ අතර ගුරු සහ විදුහල්පති සංගම් මගින් අද (27) සිට අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් අරඹා තිබෙනවා.

ඉල්ලීම් ඉටුවනතුරු තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ගුරු සංගම් පවසනවා.

ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ඊයේ දිනයේ දී ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය නිසා රට පුරා රජයේ පාසැල්වල උගැන්වීම් කටයුතු අඩාල වී ගිය බව අප වාර්තාකරුවන් පැවසුවා.

උදයන්ති මුණසිංහ

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top