
ගුරු සහ විදුහල්පති අතුරු වැටුප් චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළුව වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් නොදුනහොත් මාර්තු 16 සිට 20දා දක්වා අඛණ්ඩව වැඩ වර්ජනයකට යෑමට ගුරු - විදුහල්පති සංගම් ඒකාබද්ධව තීරණය කළ බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවැසුවේය.
එමෙන්ම අද (27දා) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරුවරුන්ට පවරා ඇති කොළ පිරවීම් ඇතුළු අමතර රාජකාරිවලින් ඉවත් වන බවත්, උදෑසන 7.30 සහ සවස 1.30 අතර කාලය තුළ පමණක් තම රාජකාරි සිදුකරන බවත් ඔහු පැවැසුවේය.
ඊයේ (26දා) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවෙන් අනතුරුව ගුරු සහ විදුහල්පති සංගම්වල නියෝජිතයන් රැස්ව මේ තීරණය ගත් බවද ඔහු ‘මව්බිම’ට පැවැසුවේය.
මේ අතර ගුරු සහ විදුහල්පති සංගම් මගින් අද (27) සිට අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් අරඹා තිබෙනවා.
ඉල්ලීම් ඉටුවනතුරු තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ගුරු සංගම් පවසනවා.
ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ඊයේ දිනයේ දී ගුරු සහ විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය නිසා රට පුරා රජයේ පාසැල්වල උගැන්වීම් කටයුතු අඩාල වී ගිය බව අප වාර්තාකරුවන් පැවසුවා.
උදයන්ති මුණසිංහ
80 Views
103 Views
268 Views
168 Views
134 Views
145 Views
156 Views
146 Views
118 Views
183 Views
134 Views
144 Views
218 Views
253 Views
706 Views
83 Views
83 Views
77 Views
53 Views