
මේ අතර හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේ ඊයේ (26දා) ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති එක්දින ක්‍රිකට් තරගය නැරැඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට නිසි පහසුකම් ලබාදීමට ක්‍රිකට් බලධාරීන් ඉඩ ලබා නොදීම නිසා, එහි කැඳවූ පොලිසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශවල පහර කෑමටද ක්‍රීඩාලෝලීන්ට සිදුවිය.
ක්‍රිකට් තරග නැරඹීමේ අපේක්ෂාවෙන් පැමිණි ක්‍රීඩාලෝලීන්ට ටිකට්පත් ලබා ගැනීමට කවුළු දෙකක් පමණක් විවෘත කර තිබීම නිසා ටිකට් ලබා ගැනීමට ක්‍රීඩාලෝලීන් පොරකෑමට පටන් ගැනීමත් සමඟ ඇති වූ නොසන්සුන්තාව නිසා දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය. මෙහිදී පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයත් සමඟ ආරක්ෂක අංශ හා ක්‍රීඩාලෝලීන් අතර ආරවුලක් හට ගැනිණි.
පසුව ආරක්ෂක අංශ තරගය නැරඹීමට පැමිණ සිටි පිරිසට පහරදී පලවා හැරීමට පියවර ගත් අතර එහිදී කිහිපදෙනකු තුවාල ලබා තිබිණි.
80 Views
103 Views
268 Views
168 Views
134 Views
145 Views
156 Views
146 Views
118 Views
183 Views
134 Views
144 Views
218 Views
253 Views
706 Views
83 Views
83 Views
77 Views
53 Views