
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලිය තරඟ 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකාව ලකුණු 161ක වාර්තාගත ජයක් ලැබීමත් සමගයි.
හම්බන්තොට සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළා.
ඒ අනුව ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබා ගත්තා.
ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 9ක්ව තිබියදී බිද වැටුණු අතර, අනතුරුව අවිශ්ක ප‍්‍රනාන්දු සමග එක් වූ කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ල සදහා වාර්තාගත ලකුණු 239ක සබදතාවයක් පිහිටුවනු ලැබුවා.
එය ශ‍්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු 3 වන කඩුල්ල වෙනුවෙන් එක්දින තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සබදතාවයයි.
පන්දු යැවීමේ දී ෂෙල්ඩන් කොටේරල් කඩුලු 4ක් බිද හෙලුවා.
මෙය එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ දී කණ්ඩායමක් කිසිදු හයේ පහරක් එල්ල නොකර ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 39.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 184ක් පමණයි.
ෂේයි හෝප් ලකුණු 51ක් රැස් කළා.
පන්දු යැවීමේ දී වනිදු හසරංග සහ ලක්ෂාන් සදකැන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
තරගයේ වීරයා අවිශ්ක ප‍්‍රනාන්දු.මෙය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරගයකදී ශ‍්‍රී ලංකාව ලකුණු පරතරය අතින් වාර්තා කළ ඉහළම ජයග‍්‍රහනයයි.
මෙම තරගය කුසල් ජනිත් ක්‍රීඩා කළ සියවැනි එක්දින තරගය වූ අතර, ඇන්ජෙලෝ මැතිව්ස් මෙරට දී ක්‍රීඩා කළ සියවැනි එක්දින තරගය ද වනවා.
80 Views
103 Views
268 Views
168 Views
134 Views
145 Views
156 Views
146 Views
118 Views
183 Views
134 Views
144 Views
218 Views
253 Views
706 Views
83 Views
83 Views
77 Views
53 Views