රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග යළි රිමාන්ඩ්
Wednesday, 26 February 2020 - 16:51 | Views - 502
රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන මස 11 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ඔහු වෙනුවෙන් සිදුකළ ඇප ඉල්ලීම ද ප්රතික්ෂේප කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 14 වනදා රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගනු ලැබුවේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්.
Share This Article