ගිං ගඟේ දියනෑමට ගිය පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට
Wednesday, 26 February 2020 - 16:14 | Views - 531
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙකු ගිං ගඟේ දියනෑමට ගොස් සැඩපරහට හසුවී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද දහවල් 12 ට පමණ තවත් මිතුරන් 6 දෙනෙකු සමග දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිසුවාගේ සිරුර අගලිය පාලම අසල පාවෙමින් තිබියදී පසුව සොයා ගෙන තිබෙනවා.
Share This Article