රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
Wednesday, 26 February 2020 - 13:46 | Views - 562
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මැයි මස 29 වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළා.
ඒ, අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මන්ත්‍රීවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ පී‍්‍රති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
ඒ අනුව මොහුට එරෙහි චෝදනා පත්‍රයට අදාල වාචික දේශන ඉදිරිපත් කිරීම එදිනට සිදුකිරීමටයි නියෝග කෙරුණේ.
2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයන් බව ප්‍රකාශ කර තිබුණා.
ඊට එරෙහිව අදාළ පැමිණිල්ල ගොනුකර තිබුණේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීයෙකු වන සුනිල් පෙරේරා විසින්.
එම පැමිණිල්ල පදනම් කරගෙන නීතිපතිවරයා මොහුට එරෙහිව මෙම චෝදනා පත්‍රය ගොනු කරනු ලැබුවා.
Share This Article