ජපානය, මිනිස් සෛල යොදා­ග­නි­මින් සතුන්ගේ සිරුරු තුළ මිනිසුන් හදයි
Wednesday, 26 February 2020 - 12:03 | Views - 2,776

වෛද්‍ය විද්‍යාවේ කැළ­ඹීම් ඇති කිරී­මට සමත් වූ සිදු­වීම් ජපාන විද්‍යා­ඥ­යන් විසින් සිදු­ක­රණු ලැබුවේ වරක් හෝ දෙව­රක් නොවේ. ඒ සඳහා පෙර උදා­හ­රණ රැසකි.

මෙවර මුළු ලොවම පුදු­ම­යට පත් කිරී­මට සමත්, එහෙත් සාර්ථක පර්යේ­ෂණ ප්‍රති­ඵ­ල­යක් සමග පෙරට ඒමට ජපාන විද්‍යා­ඥ­ය­කුට හැකි වී තිබේ.

ඔහු හිරෝ­මිට්සු නකු­චිය. දැන් ඔහු මිනි­සුන්ට බද්ධ කිරීම සඳහා අව­යව සතුන් තුළ නිෂ්පා­ද­නය කර­මින් සිටී.

මිනි­සුන්ට අව­යව බද්ධ කිරීමේ තාක්ෂ­ණය සොයා ගත් පසු ඒ සඳහා ඉතා දීර්ඝ පොරොත්තු පෝලිම් ඇති වූ අතර ප්‍රමා­ණ­වත් දාය­ක­යන් ඉතා දුර්ලභ විය.

ඉන්දි­යාව වැනි රට­වල වකු­ගඩු ජාවා­රම් දක්වා මේ අව­යව බද්ධ කිරීම් පැතිර ගියේය. අව­යව ලබා ගැනීම වෙනු­වෙන් මිනි­සුන් ඝාත­නය කිරීම් ද සිදු­විය හැකි යැයි අන­තුරු ඇඟ­වීම් සිදු කෙරිණි.

ජපා­නයේ හිරෝ­මිට්සු නකුචි තම විසඳුම සමඟ පැමි­ණෙන්නේ මේ අත­ර­ටය. ඔහු මේ වන විටත් මීයන් වැනි සතුන්ගේ සිරුරු අභ්‍ය­න්ත­රයේ මිනිස් අව­යව වර්ධ­නය කිරීමේ ක්‍රියාව සාර්ථ­කව සිදු කර තිබේ. ඔහුගේ මීළඟ අර­මුණ වන්නේ මෙලෙස වර්ධ­නය කරන අව­යව මිනි­සුන්ට බද්ධ කිරී­මයි. එම පිය­ව­රද සාර්ථක වන්නේ එය නම් මිනිස් ඉති­හා­සයේ සංධි­ස්ථා­න­යක් වන බවට සැක නැත.

හිරෝ­මිට්සු නකුචි ජපා­නයේ ටෝකියෝ විශ්ව විද්‍යා­ලයේ පියවි සෛල පිළි­බඳ විද්‍යා­ඥ­යෙකි. මීයන්ගේ කළල තුළ මිනිස් සෛල වර්ධ­නය කිරීම සඳහා පර්යේ­ෂණ පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් අව­සර ලැබූ ලොව ප්‍රථම විද්‍යා­ඥයා වන්නේද නකු­චිය.

ඇතැම් දෙනා ඔහු ලැබූ මේ අව­ස්ථාව විග්‍රහ කර තිබුණේ දෙවි­යන් වහන්සේ ලෙස කට­යුතු කිරීම යනු­වෙනි.

එනම් මේ පර්යේ­ෂණ යම් හෙය­කින් සාර්ථක වන්නේ නම් ඔහුට ‘මිනි­සුන් මැවීමේ‘ හැකි­යාව හා සමාන හැකි­යා­වක් ලැබෙන බැවිනි. මෙලෙස මිනිස් සෛල යොදා­ග­නි­මින් සතුන්ගේ සිරුරු තුළ මිනිස් අව­යව වර්ධ­නය කිරීම යනු සැබෑම මිනිස් අව­යව නිෂ්පා­ද­න­යකි. එය සැබ­වින්ම මානව වෛද්‍ය විද්‍යාවේ අද්වි­තීය සංධි­ස්ථා­න­යකි.

මේ සම්බ­න්ධව අද­හස් දක්ව­මින් විද්‍යාඥ නකුචි පවසා ඇත්තේ තමන් තම පර්යේ­ෂණ ප්‍රති­ඵල පැව­සී­මට ඉක්මන් නොවන බවයි. එමෙන්ම සිතන තරම් ඉක්ම­නින් අව­යව නිෂ්පා­ද­නය නොවනු ඇතැ­යිද ඔහු පවසා තිබේ.

එහෙත් නකු­චිගේ මේ පර්යේ­ෂණ සම්බ­න්ධව ජපා­න­යේම ඇතැම් විද්‍යා­ඥ­යන් සැක පහළ කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ යම් හෙය­කින් මෙලෙස මිනිස් සිරු­ර­කින් බැහැ­රව මිනිස් අව­යව වර්ධ­නය කිරී­මට හැකි­යාව ලැබු­ණද ඒවා බද්ධ කළ යුතු මිනිස් සිරු­රට සම්පූ­ර්ණ­යෙන් ගැළ­පෙන ලෙස සකස් කරන්නේ කෙසේද යන ගැට­ලු­ව­ටද පිළි­තුරු සෙවිය යුතු වන බවයි.

මේ දෙමු­හුම් අව­යව තාක්ෂ­ණය තවත් වසර ගණ­නා­වක් පුරා­වට වැඩි දියුණු කළ යුතු බව ඔවුන්ගේ මතය වී තිබේ.

සිළුමිණ

Close-up of a rat embryo at 15.5 days gestationmain article image

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top