විපක්ෂ සන්ධානයේ ලකුණ තවමත් නැහැ
Tuesday, 25 February 2020 - 19:56 | Views - 351

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරණ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ.
මේ අතර, හංසයා ලකුණ හිමි නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ රැස්වීමක් ලබන ඉරිදා පැවැත්වීමට නියමිත බවයි එම පක්ෂයේ ලේකම් ෂාමිලා පෙරේරා සඳහන් කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අතර, ඊයේ රාත්‍රියේද කොළඹදී තවත් සාකච්ඡාවක් පැවැත්වුණා.
මේ අතර, ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය සමඟ එක්ව වන්නි දිස්ත්‍රික්කයට තරඟ කිරිම සඳහා සාකච්ඡා සිදු කරමින් පවතින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසනවා.
වවුනියාව ප්‍රදේශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
‘‘එළඹෙන මහ මැතිවරණයේදී අපේ පක්ෂය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය සමඟ වන්නි දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා සාකච්ඡා සිදුකරමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹෙන්නේ එම සන්ධානයේ ලකුණ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි. මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පී. දිගම්බරම් හා රාවුෆ් හකීම් වැනි අයගේ පක්ෂ හා එක්සත් ජාතික පක්ෂය ඇතුලූ තවත් පක්ෂ කිහිපයක් එකතුවෙලා තමයි ඒ නව සන්ධානය ස්ථාපිත කරලා තියෙන්නේ. එහි ප්‍රතිපත්ති අනුව අපි රට පුරා තරග කරන්න බලාපොරොත්තු වෙනවා. වන්නි, ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය වගේ දිස්ත්‍රික්කවලට පසුගිය කාලයේදී මෙන් අපි තරඟ කරනවා. ඇතැම් දිස්ත්‍රික්කවලට තනිව තරග කිරීමටත් අපි සූදානම්.’’
Share This Article