ලබන වසරේ සිට පළමු වාරයේ විභාග නෑ - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්
Tuesday, 25 February 2020 - 18:15 | Views - 679
ලබන වසරේ සිට පාසල්වල පළමු වාරයේ විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන සහ මහා ක්‍රිකට් තරග ඇතුලු විවිධ උත්සව සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට මුල්තැන ලබාදීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි.
කෙසේ වෙතත් මේ වසරේ පළමු පාසල් වාරයේ විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති බැවින් එහි වෙනසක් සිදු නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
Share This Article