රාජගිරිය - බුත්ගමුව පාරේ වගුරු බිමක ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 212 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටරයක් යෙදවූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
අද දහවල් මෙම ගින්න හටගෙන ඇති අතර, එය මැඩපැවැත්වීමට කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ 4 ක් ද යොදවනු ලැබුවා.
කෙසේ වෙතත් එම රථ, ගින්න පවතින ස්ථානයට ළඟා කරවීමට අපහසු නිසා ගුවන් හමුදාවේ සහය ලබාගත් බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
