කොරෝනා වෛරසය මැඩලීමට රටවල් රැසකින් පියවර
Tuesday, 25 February 2020 - 15:04 | Views - 2,338
ලොවපුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80,000 ඉක්මවීමත් සමග එයින් වැඩිම බලපෑමකට ලක්වූ රටවල් වෛරසය මැඩලීමේ පියවර උත්සන්න කර තිබෙනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 2701 ක්.

ඉන් මරණ 2663 ක්ම චීනයෙන් වාර්තා වන අතර, දකුණු කොරියාවේ මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දකුණු කොරියාවේ ගත වූ පැය 24 තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 60 ක් හමුවී ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 893 දක්වා ඉහළ යනවා.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවේ ගිණිකොණදිග පිහිටි ඬේගු නගරයෙන්.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් රට තුළ වෛරසය කේන්ද්‍ර ගත වූ ප්‍රදේශවල සංචාරයක නිරත වූයේ ආරක්ෂිත ඇගලූම් පැළදගෙනයි.

ඉරානයෙන් ද කොරෝනා වෛරස් මරණ 12 ක් වාර්තා වන අතර ඉතාලියෙන් 7 වන මරණයත් වාර්තා වනවා.

යුරෝපයේ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම්, ආසාදිතයන් 229 දෙනෙකු වාර්තා වන ඉතාලිය වෛරසය මැඩලීම සදහා පියවර රැසක් හදුන්වා දී තිබෙනවා.

උතුරුදිග - ලොම්බාඩි සහ වෙනිටෝ කලාප වල 50,000 ඉක්මවූ ජනතාව ඉදිරි සති දෙක තුළ සිය නිවෙස්වලම රැදවීම එවැනි එක් පියවරක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top