සහරාන් සමඟ ආයුධ පුහුණුව ලැබූ 64 දෙනෙකු යළි රිමාන්ඩ්
Tuesday, 25 February 2020 - 13:26 | Views - 405
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ 64 දෙනෙකු ලබන මස 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් මඩකලපුව වැඩබලන මහේස්ත්රාත් එස්. තියාගේෂ්වරන් හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් පසු පොලිසිය සිදුකළ විමර්ශනවලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ කාන්තන්කුඩි ප්රදේශයේදියි.
සැකකරුවන් නුවරඑළිය, ජාතික තවුහිත් ජමාත් මූලස්ථානයේදී ආයුධ පුහුණුව ලබා ඇති බවටයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
Share This Article