ලොවෙන් වසන්ව තිබූ ඊජිප්තු රැජිණකගේ බවට සැක සොහොන් ගැබක් හමුවෙයි
Tuesday, 25 February 2020 - 13:20 | Views - 691
පෞරාණික  ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ පිහිටා ඇති සුප්‍රසිද්ධ තුතන්කාමන් රජුගේ සොහොන් ගැබට එපිටින් සැඟවුනු කුටීරයක සාක්ෂි මතු කරගන්නට පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා.

බොහෝදුරට එය නෙෆෙතිති රැජිණගේ සොහොන් ගැබ වියහැකි බවට ඇතැමුන් මත පළ කරනවා.

ඊජිප්තුවේ හිටපු පුරාවිද්‍යා අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණු පරීක්ෂණයේදී යොවුන් පාරාවෝ රජුගේ සොහොන් බිත්තියෙන් එපිට පරීක්ෂා කිරීමට රේඩාර් තාක්ෂණය උපයෝගි කර ගැනුනා.

සොහොන් ගැබට එපිටින් අඩි හතක් උස අඩි 33 දිගැති ඉඩකඩක් පවතින බව මේ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

නෙෆෙතිති රැජිණගේ සොහොන් ගර්භය මෙතෙක් සොයා ගන්නට කිසිවෙකුත් සමත් වී නැහැ.

ඊජිප්තු පුරාවිද්‍යාව ගැන අධ්‍යයනය කරන්නන් බොහෝ කාලයක් තිස්සේ  පළ කළ මත‍යක් වන්නේ තුතන්ගේ සොහොනට එපිටින් රහස් කුටි ජාලයක් පවතින බවත් ඉන් එකක සැඟවී  රැජිණගේ සොහොන පවතින බවයි.

මෙම නව සොයා ගැනීමත් සමග ඉහත තර්කය පිළිබඳව යම් විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙන බව පෙනී යනවා.

ඊජිප්තුවේ පාලකයෙක් වූ තුතන්කාමන් ක්‍රි.පූ 1323 දී මියයන්නේ අවුරුදු 19ක තරුණයෙක් ලෙසයි.

ඊට දශකයකට පමණ පෙර එනම් ක්‍රි.පූ. 1332 දී ඔහු රාජ්‍යත්වයට පත් වී තිබෙනවා.

තුතන්කාමන්ගේ සොහොන 1922 දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ හොවාඩ් කාටර් විසින් සොයාගෙන තිබෙනවා.

නෙෆෙතිති ක්‍රි.පූ 1353 සිට 1336 දක්වා ඊජිප්තුව පාලනය කළ අතර ඇය තුතන්කාමන්ගේ පියාගේ භාර්‍යාව වූවා.

තූතන්කාමන් වෙනත් බිසවකගේ දරුවෙක් බව සැලකෙනවා.

නෙෆෙතිති ගේ දියණිය වූ Ankhesenamun විවාහ වී සිට ඇත්තේ තූතන්කාමන් රජු සමගයි.

නෙෆෙතිති ගේ මෘත ශරීරයට කුමක් වූයේද යන්න තවමත් විවාදාත්මක කාරණයක් වනවා.

ඇතැමුන් මත පළ කරන්නේ මේ කොටසේ තුතන්කාමන්ගේ බි‍රියගේ සොහොන තිබිය හැකි බවයි.

එක් පර්‍යේශකයෙක් පවසන ආකාරයට නෙෆෙතිති  'පාරාවෝ' කෙනෙක් වශයෙන් භූමදානය කර තිබුණහොත් එය ඉතිහාසය උඩුයටිකුරු කරන පුරාවිද්‍යා සොයා ගැනීමක් වනු ඇති බවයි.

මව්බිම

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top