හල්දුම්මුල්ල අනතුරෙන් අයෙක් මරුට
Tuesday, 25 February 2020 - 12:45 | Views - 623
කොළඹ සිට පස්සර මඩොල්සිම බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්  අද (25) අලුයම හල්දුම්මුල්ල නගරය ආසන්න කදිරේෂන් ඇල්ල ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක හැපී අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මිය ගොස්  ඇති අතර තවත් තුන් දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හල්දුම්මුල්ල පොලීසිය සඳහන් කරයි.

වෑන් රථය  හැපීමෙන් අධිබලැති විදුලි රැහැන් කනුව  ප්‍රධාන මාර්ගය හරහා කඩා වැටීම නිසා එය ඉවත් කරනතෙක්  කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය  එම ස්ථානයෙන්  පැයකට අධික කාලයක් සම්පූර්ණයෙන් අවහිර වී තිබිණි.

මිය  ගොස් ඇත්තෙ මඩොල්සිම එම් නාගනාදන් (57) නමැත්තෙකි.

රෝගී පුද්ගලයෙකු  රැගෙන කොළඹ සිට එන අතරතුර මෙම අනතුර සිදුවී තිබේ. රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

තුවාල  කරුවන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල බව ද රෝහල්  ආරංචිමාර්ග සඳහන් කරයි.  

සිද්ධිය සම්බන්දයෙන් හල්දුම්මුල්ල   පොලිසිය පරීක්ෂණ පවත්වයි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top