හෙට පැය 18ක කාලයක් ජලය කැපෙන ප්රදේශ මෙන්න
Tuesday, 25 February 2020 - 11:23 | Views - 2,250
හෙට පැය 18ක කාලයක් ප්රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි
හෙට (26) උදෑසන 9 සිට ප්රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර ඇති බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ජා ඇළ සහ කටුනායක සීදුව නගර සභා බල ප්රදේශ, ජා ඇළ - ඒකල, කඳාන, ආනියා කන්ද, බටගම, තුඩැල්ල, නිවන්දම, මාඑළිය, කෙරවලපිටිය, මාටාගොඩ, වැලිසර, මාබෝල, ඇලපිටිවල, මහබාගේ, දික්ඕවිට, උස්වැටකෙයියාව, පමුණුගම සහ බෝපිටිය යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට නියමිතයි.
Share This Article