ගැබිනියක් ඇතුළු තිදෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් අයෙකුට මරු කැඳවූ අනතුර
Tuesday, 25 February 2020 - 10:49 | Views - 601
වැල්ලවාය - තණමල්විල ප්රධාන මාර්ගයේ තෙළුල්ල ජනපදය ප්රදේශයේ දී බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවන් තිදෙනකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථය පැදවූ පුද්ගලයායි.
තුවාල ලැබූවන් අතර ගැබිනි කාන්තාවක් ද සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන් වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්රථිකාර සඳහා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවට පොලිසිය සැක කරනවා.
බස් රථයේ රියදුරු අද (25) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන ඌව කුඩාඔය පොලීසිය විමර්ශන සිදුකරනවා.
Share This Article