රත්නපුරයම හඩවා අවසන් ගමන් ගිය 22හැවිරිදි තරුණයා
Tuesday, 25 February 2020 - 10:25 | Views - 4,882
රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ ගොඩකවෙල ප්රදේශයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට ගොස් ගල් ඇන්දක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු මරුමුවට පත්වී තිබෙනවා.
යතුරු පැදිය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ඇත්තේ අධික වේගය නිසා බව ගොඩකවෙල පොලිසිය පවසනවා. අනතුරින් මරුමුවට පත්වුයේ ගොඩකවෙල පදිංචි ශෙහාන් නම් තරුණයෙක්.
හදිසි මරණ පරික්ෂණය ගොඩකවෙල රෝහලේදී පැවත්විමට නියමිතව තිබෙනවා. අනතුර සිදුවුයේ ඊයේ පෙරවරු 10.30 ට පමණ වන බව සඳහන්. ගොඩකවෙල පොලිසියේ රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share This Article