ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි
Tuesday, 25 February 2020 - 10:11 | Views - 445
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් අද (25) දිනය තුල ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද (25) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
වයඹ පළාතේත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
Share This Article