බිරිඳ ඝාතනය කළ බවට සැකපිට ලෙසතෝ අගමැති අධිකරණයට
Tuesday, 25 February 2020 - 8:18 | Views - 343
තම බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ලෙසතෝ රාජ්‍යයේ අගමැති ඊයේ එරට අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඔහුගේ පළමු බිරිඳ වන ලිපොලියෝ තබානේ මහත්මිය 2017 වසරේ ජූනි මාසයේ දී වෙඩි තැබීමකින් ඝාතනය විය.
අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ අතර දික්කසාද ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින විට මෙම සිදුවීම වාර්තා වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ වත්මන් බිරිඳ වන මෙසියා තබානේ මහත්මිය ද සැකපිට අත්අඩංගුවට ගැණින.
ඝාතනය සිදුකිරීමට නියෝග කර ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
Share This Article