ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් ගැන නිරන්තර අවදානයෙන්
Tuesday, 25 February 2020 - 8:13 | Views - 422

කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ඉතාලියේ පැතිර යාමත් සමඟ විශේෂයෙන් ලොම්බාඩි කලාපය කේන්ද්‍ර කොට ගත් ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසනවා.
රෝම නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් නුවර කොන්සල් කාර්යාලය තත්ත්වය පිළිබදව සමීප අධීක්ෂණයෙන් සිටින අතර ශ්‍රී ලාංකිකයන්ගේ සුරක්ෂිතතාව පිළිබදව සම්බන්ධීකරණ කටයුතුවල නිරත වන බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.
රෝම නුවර සහ මිලාන් නුවර ශ්‍රී ලංකා තානාපති අංශ ප්‍රකාශ කරන පරිදි ඉතාලියේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මේ වන තුරු කොවිඞ් නයිටීන් වෛරසය ආසාදනය වී නැහැ.
එක්ලක්ෂ 4000කට අධික ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ වාසය කරන අතර, සියයට 60ක් පමණ වෛරසය පැතිරෙන ලොම්බාඩි කලාපයේ කේන්ද්‍රගතව සිටිනවා.
ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඔවුන් සම්බන්ධයෙන් ඉතාලි සෞඛ්‍ය බලධාරීන් සමඟ සන්නිවේදන කටයුතු සිදුකරන අතර, ශ්‍රී ලාංකික විහාරස්ථාන ප්‍රජා නායකයන් ඇතුළු කණ්ඩායම් සමඟ අදහස් හුවමාරු කර ගන්නා බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම, උතුරුදිග ඉතාලියේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙසත්, එහි බලධාරීන් විසින් කොවිඞ් නයිටීන් වෛරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති නීති රෙගුලාසි සහ ආරක්ෂිත පියවරවලට අනුකූලව කටයුතු කරන ලෙසත්, විදේශ සබඳතා අමාත්‍යාංශය ඉල්ලීමක් ද කළා.
එමෙන්ම, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රෝම නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් නුවර කොන්සල් කාර්යාලයේ දුරකථන අංක පැය 24 පුරා ඇමතිය හැකියි.
මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිත සංඛ්‍යාව ද 229 දක්වා ඉහළ ගියා. මේ වන විට ලොව පුරා කොවිඞ් නයිටීන් මරණ සංඛ්‍යාව 2629 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මුළු ආසාදිත සංඛ්‍යාව 79,570ක් ලෙසයි සටහන් වන්නේ. චීනයෙන් පිටත ලොව රටවල් 30කින් පමණ හමුවී ඇති ආසාදිත සංඛ්‍යාව 1200 ඉක්ම වන අතර මරණ 20කට වැඩි සංඛ්‍යාවක් ද වාර්තා වුණා.
Share This Article