හම්බන්තොට -කොළඹ අධිවේගයේ ප්‍රවාහන කටයුතු ඇරඹේ
Tuesday, 25 February 2020 - 8:10 | Views - 965
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කොළඹ දක්වා මගී ප්‍රවාහන කටයුතු අද ආරම්භ වනවා.

ඒ අනුව හම්බන්තොට ඩිපෝවට අයත් බස් රථ 4ක් සහ තංගල්ල ඩිපෝවට අයත් බස් රථ 4ක් අද සිට ධාවනය කෙරෙනුු ඇති. බස් රථ 4ක් කොළඹ සිට හම්බන්තොට සහ තංගල්ලට ධාවනය වන අතර තවත් බස් රථ 4ක් හම්බන්තොට සහ තංගල්ලේ සිට කොළඹට ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, මෙම බස් රථ 8 ද ඇතුළුව ඉදිරියේදී බස් රථ 14ක් එම මාර්ගයට එක් කිරීමට නියමිත බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර, අදාළ මාර්ගයේ බස් රථ ධාවනය සඳහා පෞද්ගලික අංශයට බලපත්‍ර ලබාදීමේදී එම මාර්ගයට සමාන්තරව පවතින කතරගම සිට කොළඹ දක්වා මාර්ගයේ මේ වන විටත් ධාවන කටයුතුවල යෙදෙන සාමාන්‍ය බස් රථ හිමියන්ට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top