ඉතාලියේ 4 වන කොරෝනා වෛරස් මරණයත් වාර්තා වෙයි
Monday, 24 February 2020 - 19:07 | Views - 642
කොවිඞ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ 4 වන මරණය ද අද වාර්තා වුණා.
වෛරසය පැතිරුණු උතුරු දිග ලොම්බාඩි කලාපයේ 84 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා.
ලොම්බාඩි ප්‍රදේශයෙන් වාර්තා වන 03 වන කෙරෝනා වෛරස් මරණය මෙය වන අතර, යාබද වෙනිටෝ කලාපයෙන් ද මරණයක් වාර්තා වුණා.
මෙම කලාප දෙකෙහිම නගර 11 මේ වන විට වසා දමා ඇති අතර, එහි වෙසෙන 50,000 අධික ජනතාවට ඉන් නික්මීම හෝ පිටස්තර පුද්ගලයින්ට එහි පැමිණීම තහනම් වනවා.
අග්‍රාමාත්‍ය ජුසපෙ කොන්ටි ප්‍රකාශ කළේ වෛරසය මැඬ පැවැත්වීම සඳහා එලෙස සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය වන බවයි ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද මේ වනවිට 157 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය යුරෝපයේ ඉහළම ආසාදිත සංඛ්‍යාවයි.
Share This Article