සමාජ මාධ්‍ය කැළඹු රත්නපුර සිසුවා ගැටගැසීමේ සිද්ධිය රැල්ලක් වෙයි
Monday, 24 February 2020 - 19:02 | Views - 624
රත්නපුර, ගොඩවෙල කන්‍යාරාමයට [කොන්වන්ට් ජාතික පාසලට] පිවිසෙන මාර්ගයේ කණුවක ගැට ගසා සිටි සිසුවෙකු පිළිබඳ වීඩියෝවක් ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.
එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුද මෙම සිද්ධියට මැදි වී කළ ප්‍රකාශයක් ද එම වීඩියෝවේ දක්නට ලැබුණා
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප රත්නපුර පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ අදාළ සිසුවාගේ උපන්දින වෙනුවෙන් ඔහුව හාස්‍යට ලක්කිරීම සඳහා ඔහුගේ මිතුරන් පිරිසක් මෙම ක්‍රියාව කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රත්නපුර පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවද පොලිසිය ප්‍රකාශ කළා.
නමුත් මෙම සිද්ධියෙන්, සිසුවාගේ ඇතැම් ස්ථාන තුවාල වීම හේතුවෙන් දරුවා රත්නපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙවැනි සිදුවීම් රත්නපුර ප්‍රදේශයේ රැල්ලක් ලෙස පවතින බවද රත්නපුර නගරවාසියෙකු කියා සිටියා. ඊයේ හාස්‍යට ලක්වූ සිසුවාද එවැනි ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවද සඳහන්.
Share This Article