ඉන්දියාවට නවසීලන්තය ඉදිරියේ අමිහිරි පරාජයක්
Monday, 24 February 2020 - 15:11 | Views - 378
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් කඩුළු 10ක පහසුජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
වෙලින්ටන්හි පැවති තරගයේ සිව්වන දිනය වූ අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුළු 4ක් දැවී ලකුණු 144ක් ලබා සිටියා.
කෙසේ වෙතත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ටීම් සවුති ගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ ඉන්දියාව සිය දෙවන ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191ක් පමණයි.
පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 5ක් බිද හෙලුවා.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා නවසීලන්තයට ලකුණු 9ක ඉලක්කයක් හිමි වූ අතර එය කිසිදු කඩුල්ලක් නොදැවී ඉතා පහසුවෙන් පසුකර යෑමට නවසීලන්තය සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 165ක් ලබා ගත් අතර පිළීතුරු ලෙස නවසීලන්තය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 348ක්.
Share This Article