ශ්‍රි පාද වන්දනාවේ ගිය කෝඩුකාර නීල කොබෙයියා -[Video]
Monday, 24 February 2020 - 13:43 | Views - 903
මේ ලෝකයේ වෙසෙන මිනිසුන්ට මෙන්ම සතා සිව්පාවටත් ජිවිතයක් ඇත, ඇතැම් පිරිස් සතා සිව්පාවන්ට කුරිරු ලෙස වද හිංසා සිදු කරන අතර, තවත් පිරිසක් සතා සිව්පාවන්ව ඝාතනය කරනු ලබනවා.
 
මනුෂ්‍යයින් මෙන්ම සතා සිව්පාවුන්ද ජිවත්වීමට ආශාවක් දක්වයි.
 
කුඩා නීල කොබෙයි පැටියෙකු තම දරුවෙකු මෙන් හදාවඩා ගන්නා කාන්තාවක් එම පක්ෂියාව ශ්‍රි පාද වන්දනාවේ රැගෙන එන අයුරු අප කැමරාවේ සටහන් විය.

ඇය නමින් අජන්තා ගමගේ මහත්මියයි.
 
ඇය කටුනායක ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
 
ඇය පවුලේ සමාජිකයන් සහ හිතවතුන් පිරිසක් සමඟ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ සිටි අතර, සිය උරහිස මත නීල කොබෙයියෙකු කිසිදු බියක් සැකක් නොමැතිව සිටින අයුරු ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.
 
අප ඒ  පිලිබඳව අජන්තා මහත්මියගෙන් විමසිමක් සිදුකළා.
 
ඒ  අවස්ථාවේ ඇය කියා සිටියේ මිට මාස 8 පමණ කලින් මෙම පක්ෂියා වාහනයක් මත වැටි සිට තමන්ට හමුවූ බවයි.
 
ඉන් අනතුරුව පශු වෛද්‍යවරයෙකු මගින් මෙම පක්ෂියාට ප්‍රතිකාර කර තිබෙනවා.
 
දින කිහිපයකින් පසු මෙම පක්ෂියා සුවය ලැබු බවත් ඉන්පසු පක්ෂියාව මුදා හැරියද නීල කොබෙයියා තමන්ව හෝ පවුලේ සමාජිකයන්ව අත හැර නොයා නිවසේම රැදි සිටින බවයි ඇය අප සමඟ කියා සිටියේ.
 
තම පවුලේ සමාජිකයන් ගමන් බිමන් යන සැම අවස්ථාවකම නීල කොබෙයියාද තමන් සමග පැමිණෙන බවත්, මීට ප්‍රථම නුවරඑලිය සහ මාතලේ වැනි ප්‍රදේශවලද නීල කෙබෙයියා රැගෙන ගොස් තිබෙනවා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top