අක්‍රියවූ නොරොච්චෝලේ අද යළි ක්‍රියාත්මක කිරීමට පියවර
Monday, 24 February 2020 - 13:04 | Views - 471
මාස තුනක කාලයක අලුත්වැඩියා කටයුතුවලින් පසු දින 10 කින් යළි අක්‍රීය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය අද යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙගාවොට් 300 ක ධාරිතාවකින් යුත් මෙම විදුලි ජනන යන්ත්‍රය මාස 3 ක අලුත්වැඩියා කටයුතුවලින් පසුව පසුගිය 14 වනදා ජාතික විදුලිබල පද්ධතියට එක්කළ නමුත් එය යලි ක්‍රියාවිරහිත වී තිබුණා.

චීන සමාගමක් සිදුකළ මෙම අලුත්වැඩියා කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඩොලර් මිලියන 3 දශම 8ක මුදලක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන සපයන නළයක් පුපුරායාම හේතුවෙන් ජනන යන්ත්‍රය අක්‍රීය වූ බවත් එම දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියා.

මේ අතර පසුගිය 3 වනදා නොදන්වා විදුලිය කැපීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටු දෙකෙහි වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අද භාරදීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සය පුද්ගල කමිටුවක් සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම මගින්ද පරීක්ෂණ සිදු කෙරුණා.

එමෙන්ම මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් යුත් කෙරවලපිටිය එල්.එන්.ජී. විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වසර තුළ ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය මගින් ඊට අදාළ යෝජනාවට අනුමැතිය හිමිවූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොට - මැදමුලන ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top