A 09 මාර්ගයේ මාරක අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළ යයි
Monday, 24 February 2020 - 8:17 | Views - 1,386
යාපනය - මහනුවර ඒ 09 මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශයේ දී ඊයේ (23) රාත්‍රීයේ බස් රථයක් සහ ජීප් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව එම අනතුරෙන් මියගොස් ඇති සංඛ්‍යාව 05ක් බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ අනතුරෙන් පුද්ගලයින් 21ක් තුවාල ලබා ඇති බවයි.
වව්නියාවේ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ බස් රථයක් සහ යාපනයේ සිට කොළඹ දෙසට පැමිණි ජීප් රථයක් ගැටීමෙන් ඊයේ (23) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ ජීප් රථයේ ගමන් ගත් කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථයේ පුද්ගලයින් 06 දෙනෙකු සිට ඇති බව සඳහන්.
Share This Article