දරුවෙකු මෙන් හදාවඩා ගන්නා කටුනායක නීල කොබෙයි පැටියා ශ්‍රි පාද වන්දනාවේ ගිය හැටි - Video
මේ ලෝකයේ වෙසෙන මිනිසුන්ට මෙන්ම සතා සිව්පාවටත් ජිවිතයක් ඇත, ඇතැම් පිරිස් සතා සිව්පාවන්ට කුරිරු ලෙස වද හිංසා සිදු කරන අතර, තවත් පිරිසක් සතා සිව්පාවන්ව ඝාතනය කරනු ලබනවා.
මනුෂ්‍යයින් මෙන්ම සතා සිව්පාවුන්ද ජිවත්වීමට ආශාවක් දක්වයි.
කුඩා නීල කොබෙයි පැටියෙකු තම දරුවෙකු මෙන් හදාවඩා ගන්නා කාන්තාවක් එම පක්ෂියාව ශ්‍රි පාද වන්දනාවේ රැගෙන එන අයුරු අප කැමරාවේ සටහන් විය.
ඇය නමින් අජන්තා ගමගේ මහත්මියයි.
ඇය කටුනායක ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
ඇය පවුලේ සමාජිකයන් සහ හිතවතුන් පිරිසක් සමඟ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ සිටි අතර, සිය උරහිස මත නීල කොබෙයියෙකු කිසිදු බියක් සැකක් නොමැතිව සිටින අයුරු ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.
අප ඒ පිලිබඳව අජන්තා මහත්මියගෙන් විමසිමක් සිදුකළා.
ඒ අවස්ථාවේ ඇය කියා සිටියේ මිට මාස 8 පමණ කලින් මෙම පක්ෂියා වාහනයක් මත වැටි සිට තමන්ට හමුවූ බවයි.
ඉන් අනතුරුව පශු වෛද්‍යවරයෙකු මගින් මෙම පක්ෂියාට ප්‍රතිකාර කර තිබෙනවා.
දින කිහිපයකින් පසු මෙම පක්ෂියා සුවය ලැබු බවත් ඉන්පසු පක්ෂියාව මුදා හැරියද නීල කොබෙයියා තමන්ව හෝ පවුලේ සමාජිකයන්ව අත හැර නොයා නිවසේම රැදි සිටින බවයි ඇය අප සමඟ කියා සිටියේ.
තම පවුලේ සමාජිකයන් ගමන් බිමන් යන සැම අවස්ථාවකම නීල කොබෙයියාද තමන් සමග පැමිණෙන බවත්, මීට ප්‍රථම නුවරඑලිය සහ මාතලේ වැනි ප්රදේශවලද නීල කොබෙයියා රැගෙන ගොස් තිබෙනවා.