ළඟ නිදා සිටි දියණිය රාත්‍රී ඇහැරී බලන විට පෙම්වතා සමඟ ගිහින්
Friday, 21 February 2020 - 11:51 | Views - 660
රාත්‍රි තමා ළඟ නිදා ගත් වයස අවුරුදු 15 යි මාස 03 ක් වන දියණිය රාත්‍රි 10.30 ට පමණ තමන් අවදි වී බලන විට නොසිටි බව කියමින් ආරච්චිකට්‌ටුව පදිංචි මවක් ආරච්චිකට්‌ටුව පොලිසියට පැමිණිලි කරමින් කියා තිබේ.
9 වසරේ ඉගෙනුම ලබන මෙම දියණිය ප්‍රේම සම්බන්ධයක් පවත්වන බව දැනගන්නට ලැබී එදින රාත්‍රි ඇයට අවවාද කළ බවට පැමිණිල්ලේ සඳහන් කර ඇත.
පැමිණිල්ල සම්බන්ධයෙන් කාන්තා උප පොලිස් පරීක්‌ෂක රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක් විමර්ශන කරමින් සිටියදී පාරේ පාළු තැනක දැරිය හා සැකකරු සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය පොලිසියේදී ප්‍රකාශයක් ලබා දෙමින් ස්‌ත්‍රී දූෂණයක් සිදු නොවූ බව කියා ඇත.
වින්දිත දැරිය ඇයගේ මව භාරයේ හලාවත මහ රෝහලට වෛද්‍ය පරීක්‌ෂණයක් ලබා ගැනීම සඳහා ඇතුළු කර තිබේ.
සැකකරු හලාවත මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
Share This Article