ලාහෝර් ප්‍රහාරය මට මගේ වටිනාකම හා චරිතය පිලිබඳ මනා පාඩමක් කියාදුන්නා
Friday, 21 February 2020 - 9:09 | Views - 888
ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල කළ ප්‍රහාරය තමන්ගේ වටිනාකම හා චරිතය පිලිබඳ මනා පාඩමක් කියාදුන් බව ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා.

MCC කණ්ඩායමේ පකිස්තානු සංචාරය නිමා කරමින් සංගක්කාර විදෙස් මාධ්‍ය වෙත මෙම අදහස් පලකරනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ MCC සභාපතිවරයා පැවසුවේ තවත් ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්තානයේ තරග සංචාරවල නිරත වනු දැකීමට තමා කැමැත්තෙන් පසුවන බවයි.

පාකිස්තානයේ දී ඉතා සුන්දර කාලවකවානුවක් ගත කළ බවයි ඔහු සදහන් කළේ.

MCC කණ්ඩායම සතියක පමණ කාලයක් පාකිස්තානයේ තරග සංචාරයක නිරත වූ අතර, එහිදී ඔවුන් සීමිත පන්දුවාර තරග 4කට සහභාගී වුණා.

එහිදී ඔවුන් ලාහෝර් කලැන්ඩර්ස් සහ මුල්ටාන් සුල්ටාන්ස් කණ්ඩායම් සමග පැවැති T 20 තරග දෙක ජය ගත් අතර, පාකිස්තාන් ශහීන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගය සහ නෝත් කණ්ඩායමට එරෙහිව පැවැතිT20 තරගය පරාජයට පත් වුණා.

“අපි පාකිස්තානයේ අපූර්ව තරග සංචාරයක් කළා වගේම ඒ ඔස්සේ අවශ්‍ය වූ පණිඩිඩය ජනතාව සමග පෞද්ගලික සන්නිවේදනය තුළින්, නිල ප්‍රකාශන සහ සම්මුඛ සාකච්ඡා තුළින් ලෝකයට යවා තිබෙනවා. තරග සංචාරයට එක් වූ ක්‍රීඩකයින් ඔවුන්ගේ රටවල්වලට ගියාම ඔවුන් ද මෙහි ගත කරපු සාර්ථක වගේම ආරක්ෂාකාරී කාලය ගැන කතා කරයි. ඒ හැම දෙයක්ම පාකිස්තානයට යළි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ගෙන ඒම සදහා වැදගත්.”

මව්බිම

Image result for kumar sangakkara lahore
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top