වසරකට උපදින දරුවන්ගෙන් 5800කට උපත් ආබාධ
Friday, 21 February 2020 - 8:58 | Views - 755
ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්ගෙන් 5800ක් පමණ විවිධ උපත් ආබාධ සහිතව උපත ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජානමය හෝ පාරිසරික සාධක නිසා ගර්භය තුළදීම ශරීරයේ කොටස්වල ඇතිවන ව්‍යුහාත්මක ශාරිරික විකෘතිතාවයන් උපත් ආබාධ ලෙස හැඳින්වේ. මෙම විකෘතිතාවයන් ගර්භනී කාලයේදී, උපතේදී හෝ උපතින් පසු කාලයේදී හඳුනා ගැනේ.

ගැබිණි මවට සිය ගර්භනී සමය සැලසුම් කිරීම තුළින් මෙම මාතෘ හා ළමා සංකූලතා වළක්වා ගැනීමේ සඳහා දායක්තවය ලබාදිය හැකිය.

තමන්ට උචිත ප්‍රමාණයට ශරීර ස්කන්ධ දර්ශකය  පවත්වාගෙන යෑම උපත් ආබාධ වළක්වා ගැනීමට ප්‍රධාන හේතුවක් වෙයි.  හෘද රෝග, අධික රුධිර පීඩනය හා පලනය නොකරන ලද දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් ගැබිණි මව පෙළීමද හෙම් සඳහා බලපානු ඇත.

මේ අනුව විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ජාතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මේ වසරේ මුල් ගල තබන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top