සමාජ මාධ්‍ය ඔස්සේ දැරියන් බිය ගන්වා, අපයෝජනය කළ පාසල් සිසුන් ඇතුළු 07ක් අත්අඩංගුවට
Friday, 21 February 2020 - 8:20 | Views - 439
සමාජ මාධ්‍ය හරහා දැරියන්ගේ් පින්තූර ලබාගෙන එම පින්තූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කොට ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට පවසමින් බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් අන්තර්ජාලය ඔස්සේ බිය වද්දා අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.
එමෙන්ම, තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා අවුරුදු විස්සට අඩු තරුණයන්.
ඒ අතර පාසල් සිසුන් ද සිටින බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article