මියගිය බිරිඳ වගේ යැයි රවටා කතකගේ රන් ආභරණ සහ මුදල් කොල්ල කාලා
Friday, 21 February 2020 - 8:15 | Views - 459
වැලිගම දේනුවල ප්‍රදේශයේදී වාහනයක සිටි 50 හැවිරිදි සිවු දරු මවක්‌ පැළඳ සිටි රුපියල් 260000 ක්‌ වටිනා රන් ආභරණ සහ රුපියල් 11000 මුදල් පුද්ගලයන් දෙදෙනකු විසින් උල් පිහි දෙකක්‌ ඇයට පෙන්නා කොල්ලකෑ බවට එම කාන්තාව විසින් වැලිගම පොලිසියට කළ පැමිණිල්ලක්‌ මත පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
 
 මෙම කාන්තාවගේ සැමියා මියගොස්‌ ඇති බවත් දරුවන් සිවුදෙනා සමග දෙවිනුවර ජීවත්වන බවත් එදින ගන්දර ප්‍රදේශයේ වෙළෙඳසලකට පාගමනින් යමින් සිටින අවස්‌ථාවේදී වාහනයක්‌ පැමිණ ඇය අසල නතර කර එහි රියෑදුරා ඇය අමතා තමාගේ බිරිඳ මියගොස්‌ ඇති බවත් තමා මියගිය බිරිඳ වගේ යයි පවසා කතා කර ඇගේ දුරකථන අංකය ද ලබා ගෙන ගිය බවට ද පසු දින තමාට කාන්තාවක්‌ කතා කර කතරගම ගොස්‌ එන බවත් මාතර නගරයට එන ලෙසට දැන්වූ බවට ද පවසා ඇත.
 
 පසුව මාතර ප්‍රධාන බස්‌ නැවතුම අසල සිටියදී වාහනයක්‌ පැමිණ නතර කර එහි සිටි පසුගිය දිනක හමුවූ පුද්ගලයා ඇය අමතා තමාගේ නැගණිය සහ මව වැලිගම සිsටින බවට පවසා තමා රථයේ නංවාගෙන දේනුවල ප්‍රදේශයට ගිය බවත් වාහනයේ පිටුපස තමා හා ඔහු වාඩි වී සිටි බවට ද වාහනය වෙනත් අයකු විසින් පදවාගෙන පැමිණි අතර දේනුවලදී කාර් රථයට දෙදෙනකු නැඟ පිහි දෙකක්‌ පෙන්නා බිය ගන්වා තමා සතු රන් භාණ්‌ඩ සහ මුදල් ද කොල්ලකෑ බවත් පසුව ඔවුන් තමාට පෙනෙන සේ රියෑදුරා පැළඳී මුදු ද ගලවා ගත් බව ද එහිදී රියෑදුරා එම දෙදෙනාට දොස්‌ කියා තමා වාහනයෙන් ගෙනවිත් මාතර නුපේ බැස්‌ස වූ බවට ද පවසා ඇත.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top