චීනයේ විවාහ උත්සව අවලංගුයි
Thursday, 20 February 2020 - 16:51 | Views - 841
චීන කැලැන්ඩරයට අනුව 2020 මීයා හට අයත් වර්ෂයයි. මීයා යනු ඉතා කඩිසරව හා සාමූහිකව අරමුණු කරා ගමන් කිරීම පිළිබිඹු කරන සත්ත්වයකු හෙයින් මෙම වර්ෂයේ දී චීනයට විශාල සාර්ථකත්වයක් අත් කරගැනීමට හැකි වෙතැයි එරට වැසියෝ වසර ආරම්භයට පෙර සිටම බලාපොරොත්තු වූහ. නමුත් අහඹු ලෙස උද්ගත වූ කොවිඩ් 19 වයිරස් වසංගතය නිසා ඒ සියල්ල යටපත් වී ඇත.

ශ්‍රී ලංකාවේ මෙන්ම චීනයේ ද විවාහ මංගල උත්සවයන් යොදාගනු ලබන්නේ සුබ දිනවලදීය. මීයාගේ වර්ෂයේ වඩාත්ම සුබ පල දෙන දින ලෙස 2020.02.02 හා 2020.02.20 යන දවස් දෙක සැලකෙයි. ඊට හේතුව මීයාගේ වර්ෂයේ සුබම අංකය 2 වීමත්, දිනය ලිවීමේදී වසර-මාසය-දිනය ආදී වශයෙන් එම ඉලක්කම සිවු වරක් යෙදීමත්ය.

එනමුත් 2020.02.02 දිනයට යෙදී තිබූ මංගල උත්සවයන්ගෙන් හරි අඩකටත් වඩා කල් දමනු ලැබූ බව එරටින් වාර්තා විය. එමෙන්ම 2020.02.20 හෙවත් අද දිනයේ දී පැවැත්වීමට නියමිත විවාහයන්ගෙන් ද 90%ක ප්‍රමාණයක් කල් දමා ඇති බව චීන ජනමාධ්‍ය වාර්තා කර ඇත.

විවාහ අපේක්ෂිතයන් සහ සෙනඟ බොහෝ එක්රැස් වීමෙන් ඇති විය හැකි අනිසි ප්‍රතිඵල මඟහැරවීම සඳහා මෙම තීරණය ගත් බව චීන රජය මහජනතාව වෙත දැනුම්දී තිබේ. රට යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව කල් තැබූ සියලුම විවාහයන් පැවැත්වීමට හැකි බව චීන බලධාරීහු වැඩිදුරටත් පෙන්වාදෙති.

චීන ජාතික නව යුවතිපතීන් මධුසමය ගත කිරීමට සුලබ වශයෙන් සංචාරයේ යෙදෙන්නේ සෝල් නුවර, ජේජු දූපත, ඔකිනාවා, බාලි දූපත ආදී සුන්දර පාරාදීසමය පෙදෙස්වලටය. වෙනත් අවුරුදුවල උත්සව සමයේ දී සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙවැනි පෙදෙස්වල හෝටල් කාමරයක් වෙන් කරගැනීම අසීරු කටයුත්තකි. ඡායාරූප ශාලාවලටද කාර්යබහුල කාලයකි. නමුත් මංගල උත්සව කල් දැමීමේ අතුරු ඵලයක් ලෙස මෙම වසරේ එම සංචාරක ප්‍රදේශ බොහෝ සෙයින් පාළුවට ගොස් ඇති බැවින් විවාහ උත්සව සම්බන්ධ ව්‍යාපාරවල ආදායම් තත්ත්වයද අතිශයින් පහත වැටී ඇත.

චතුර රුවන් වීරක්කොඩි
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top