නීති ලිහිල් කර ජන ජීවිතය පහසු කරන්නැයි ජනපති රාජ්‍ය නිලධාරින්ට කියයි
Thursday, 20 February 2020 - 16:30 | Views - 489

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කර දිළිඳු බව තුරන් කිරීම අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරී සංගමයේ ජාතික මහා සම්මේලනය අමතමිනුයි ජනාධිතිවරයා මේ බව කියාසිටියේ.
සමාජයේ සෘම ස්ථරයකටම අයත් ජනතාවට ජීවත්විය හැකි අයුරින් ආදායම් මට්ටම නැංවීම රජයේ අරමුණ බව ද ඔහු සඳහන් කළා.
එහි එක් පියවරක් ලෙස අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන සැලසුම් කර ඇති අතර පිරිස තෝරා ගැනීමේදී සමෘද්ධි සහ කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජන ජීවිතය පහසු කිරීමේ ප්රයත්නයට හවුල්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්.
තම දැනුම ඍජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනිමින් ජනතාවගේ ජීවන තත්වය සහ රටේ ආර්ථිකය දියුණු කළ හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළා.
කෘෂි ක්ෂේත්රයේ දෙවන පරපුරක් බිහි නොවීම ගැටලුවක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
විවිධ නීති රීති සහ තහංචි හේතුවෙන් ජනතාවට පීඩාවට පත්ව සිටින අතර එවැනි නීති ලිහිල් කරමින් ජන ජීවිතය පහසු කිරීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බවයි ඔහු කියාසිටියේ.
පසුගිය රජයේ වැරදි හෝ අතපසුවීම් වර්තමාන රජයේ නිදහසට හේතුවක් කර නොගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
එම අදූරදර්ශී පාලනය හේතුවෙන් රටට මුහුණදීමට සිදුවී ඇති සියලු අභියෝග ජය ගැනීමට සූදානම් අතර සියලු රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ඒ සඳහා රජයට අවශ්‍ය කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියා.
Share This Article