වරෙන්තුවක් නොමැතිව විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග
Thursday, 20 February 2020 - 13:06 | Views - 336
නිසි මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබාගන්නා නියෝගයකින් තොරව වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ ඔහු විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඊයේ අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදීයි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම් නවාස් සහ අර්ජුන ඔබේසේකර හමුවේ සලකා බැලූණා.

නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට පොලිස්පතිවරයා එකගත්වය පළ කර ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම පෙත්සම මාර්තු මස 12 වනදා යලි කැදවීමටයි නියෝග කෙරුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top